වැලිවේරිය නගරයේ දී රතුපස්වල ප්‍රදේශයේ පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු හමුදා මේජර්වරයෙකු ඇතුළු සිව්දෙනෙක් නිදොස් කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද (17) නියෝග කළා.
ඒ ඊට අදාළ නඩුවේ තීන්දුව අද (17) ප්‍රකාශයට පත් කරමින්.
ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මඟින් සිය පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින් 2013 වසරේ අගෝස්තු 01 වනදා පිරිසිදු පානීය ජලය ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව වැලිවේරිය ප්‍රදේශයේදී විරෝධතාවක් පැවැත්වුවා.
මෙහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හමුදා නිලධාරීන් වෙඩි තැබීමක් සිදු කරනු ලැබුවා.
එම වෙඩි වැදීමෙන් පාසල් සිසුන් දෙදෙනෙක් සහ තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්වූ අතර තවත් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.
පසුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් එවකට යුද්ධ හමුදා බ්‍රිගේඩියර්වරයෙක් ඇතුළු හමුදා සාමාජිකයින් සිව්දෙනෙක්ට එරෙහිව නීතිපතිවරයා ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා 94ක් යටතේ නඩු පවරා තිබුණා.
Leave a Reply