Loading...

සුවසැරියෙන් යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාවක් ඇරඹීමට සැලසුම්

හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීන් වෙත වඩාත් කඩිනමින් ප්‍රවේශ වීමේ අරමුණින් යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුවසැරිය පදනම සැලසුම් කර තිබෙනවා.

අධික රථවාහන තදබදයක් සහිත නාගරික ප්‍රදේශවල සහ මාර්ග අවහිරතා පවතින ස්ථානවල මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි එම පදනම සඳහන් කළේ.

ගිලන් රථයක් පැමිණීමට පෙර රෝගියා වෙත කඩිනමින් ප්‍රථමාධාර සහ මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වනවා.

මේ සඳහා විශේෂ පුහුණුව ලත් වෛද්‍ය නිලධාරීන් යොදවන අතර, මූලික ඖෂධ සහ වෛද්‍ය උපකරණවලින් සමන්විත යතුරුපැදි භාවිතයට ගැනීමට නියමිතයි.

මෙම නියමු ව්‍යාපෘතිය කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ ඉලක්ක කරගනිමින් 2026 වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *