ඉදිරි ජනාධිපතිවරණයේ දී තමාගේ සහ තම පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව TMVP පක්ෂ නායක ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශ කර තිබෙනවා.
ජනාධිපතිවරයා අද (22) පස්වරුවේ ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු ඔහුගේ පාක්ෂිකයන් මුණ ගැසී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
මඩකලපුව ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ පක්ෂ මුලස්ථානයේ දී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන්.
එහිදී TMVP නායකයා ජනාධිපතිවරයා වෙත සහයෝගය ලබාදීමට තීරණය කර තිබෙනවා.
Leave a Reply