පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධව සිදුකරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු දැක්වීම ලබන මස 6 වනදා දක්වා කල් තබා තිබෙනවා.
මෙම පෙත්සම අද (24) අභියාචනාධිකරණයෙන් සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන් විසින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙලෙස දෙවන දිනටත් කැඳවනු ලැබුවා.
හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් කරුණු දැක්වුවා.






Leave a Reply