මාතර, කුඩාවැල්ල ප්රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් සිව්දෙනෙකු රැගත් ධීවර යාත්රාවක් අතුරුදන්ව ඇති බව නාවික හමුදාව පවසනවා.
අතුරුදන් වූ යාත්රාව සහ ධීවරයින් සොයා ගැනීම සඳහා ගුවන් හමුදාවේ ද සහය ඇතිව නාවික හමුදාව විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
අදාළ ධීවර යාත්රාව පසුගිය 21 වනදා ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් ඇති අතර, එහි සිටි ධීවරයින් අවසන් වරට පසුගිය 23 වනදා යාත්රාවේ හිමිකරු සමඟ සන්නිවේදනය කර ඇත.
කෙසේ වෙතත්, ඉන් අනතුරුව අදාළ ධීවර යාත්රාව සමඟ පැවැති සබඳතා සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති අතර, ඒ පිළිබඳව යාත්රා හිමිකරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
මේ අතර, මුලතිව් පුදුමාතලන් ප්රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් අතුරුදන් වූ ධීවරයින් තිදෙනෙකු රැගත් අනෙක් ධීවර යාත්රාව සොයා ද නාවික හමුදාව අඛණ්ඩව මෙහෙයුම් ක්රියාත්මක කරන බව වැඩිදුරටත් වාර්තා වනවා.







Leave a Reply