Loading...

අධි අවදානමක් කලාප 6ක අද සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් මාලාවක්

ඩෙංගු අධි අවදානම් තත්ත්වය පවතින පළාත් 6ක අද (24) සිට ලබන 26 වනදා දක්වා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 48,000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි.

ඒ අනුව ඊයේ (23) දිනය තුළ පමණක් රෝගීන් 750ක් වාර්තා වී ඇත.

එම රෝගීන් ගණනත් සමඟ මෙරට සමස්ථ ඩෙංගු රෝගීන් ගණන 48287ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර සමස්ථ රෝගීන්ගෙන් 52.12%ක ප්‍රතිශතයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බව සඳහන්.

දකුණු පළාතෙන් 16.04%ක් සහ සබරගමුව පළාතෙන් 9.15%ක් රෝගීන් වාර්තා වී ඇත.

ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය වෛද‍්‍ය කපිල කන්නංගර මහතා පවසන්නේ ජූනි මාසය තුළ පමණක් රෝගීන් 14,446ක් වාර්තා වූ බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *