අලි-මිනිස් ගැටුම පාලනය කිරීම, වල් අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සහ අලි සංරක්ෂණය සඳහා නව තාක්ෂණය යොදාගැනීම පිළිබඳව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ එම කාරක සභාවේදී මෑතකදී සිදු වූ කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු වුණා.
අලින්ගේ වාසස්ථාන අහිමි වීම, සාම්ප්‍රදායික අලිමංකඩ අවහිර වීම සහ ජනාවාස හා වගාබිම් ආශ්‍රිතව ආහාර සොයා යාම අලි-මිනිස් ගැටුම වර්ධනය වීමට බලපාන ප්‍රධාන හේතු ලෙස මෙහිදී හඳුනා ගැනිණි. ඒ සඳහා පහත පියවර කෙරෙහි කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.
වන අලින්ගේ සංක්‍රමණ රටා නිවැරදිව හඳුනාගැනීම සඳහා GPS සහ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන කොලර් උපකරණ යොදාගැනීමේ වැදගත්කම අවධාරණය කෙරුණා.
වනජීවී නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ ගම්වාසීන් සම්බන්ධ කරගත් ඒකාබද්ධ කමිටු පිහිටුවීම, ප්‍රජා සහභාගීත්වය ශක්තිමත් කිරීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ සන්නිවේදන ජාල ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා වුණා.
රෝගී හා තුවාල ලැබූ අලින්ට ප්‍රතිකාර කිරීමේදී වනජීවී පශු වෛද්‍යවරුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කර තිබෙනවා.
වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සේවය, අලින් නිර්වින්දනය කිරීමේදී පවතින අවදානම් මෙන්ම, ක්ෂේත්රයේදී කඩිනමින් ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ජංගම වෛද්‍ය පහසුකම් සහ ජංගම එක්ස්-රේ (X-Ray) යන්ත්‍ර වැනි නවීන තාක්ෂණික උපකරණවල දැඩි අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී අවධානයට ලක් වුණා.







Leave a Reply