අයවැය යෝජනා හරහා රාජ්‍ය සේවකයින්ගේ ප්‍රවාහන දීමනාව රුපියල් 50,000කින් ඉහළ දැමීම, රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන්ට ලබා දුන් “අල්ලසක්” බවට එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා සිදු කළ ප්‍රකාශයට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය දැඩි විරෝධය පළ කර තිබෙනවා.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, රණවක මහතාගේ එම ප්‍රකාශය තුළින් වක්‍රාකාරයෙන් මෙන්ම සෘජුවම ඉලක්ක කර ඇත්තේ ශ්‍රී ලංකා පරිපාලන සේවය බව පැහැදිලි බවයි.
අදාළ නිවේදනය මඟින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අවධාරණය කර ඇති ප්‍රධාන කරුණු කිහිපයක් පෙන්වා දෙනවා,
රණවක මහතාගේ ප්‍රකාශය තම සේවාවේ සහ නිලධාරීන්ගේ ගෞරවයට මෙන්ම වෘත්තීය අභිමානයට බලවත් හානියක් සිදු කර ඇති අතර, එය සම්පූර්ණයෙන්ම කරුණු විකෘති කිරීමකි.
මෙම ප්‍රවාහන දීමනාව සමස්ත රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ විධායක මට්ටමට අදාළ සාමාන්‍ය පරිපාලන ක්‍රමවේදයක් මිස, කිසිසේත්ම ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට පමණක් හිමිවන විශේෂ වරප්‍රසාදයක් නොවේ.
ඒ අනුව, සිදු කර ඇති මෙම වැරදි ප්‍රකාශය වගකීමෙන් යුතුව නිවැරදි කිරීමට අදාළ පාර්ශ්වය නොපමාව කටයුතු කරනු ඇතැයි තම සංගමය විශ්වාස කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සිය නිවේදනය මඟින් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.







Leave a Reply