2035 වසර දක්වා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ප්‍රධාන පිරිමි ක්‍රිකට් තරගාවලි සඳහා සත්කාරකත්වය දැරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිව නොමැති බව වාර්තා වනවා.
ඉන්දුනීසියාවේ බාලිහි පැවති ICC විධායක සහ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී 2035 වසර දක්වා පැවැත්වීමට නියමිත ප්‍රධාන ක්‍රිකට් තරගාවලිවල සත්කාරකත්වය සම්බන්ධයෙන් මෙම තීරණ ගෙන තිබෙනවා.
ඒ අනුව, ආසියානු කලාපයට හිමිවන ප්‍රධාන සත්කාරක අවස්ථා ඉන්දියාව සහ බංග්ලාදේශය වෙත පමණක් ලබා දීමට ICC ය තීරණය කර ඇත,
2029 ICC ශූරයන්ගේ කුසලානය (Champions Trophy) සත්කාරකත්වය ඉන්දියාවට හිමිව තිබෙනවා.
2031 ICC පිරිමි එක්දින ලෝක කුසලානයේ සම සත්කාරකත්වය ඉන්දියාවට සහ බංග්ලාදේශයට ලබා දී ඇත.
2028 ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියේ එහි සත්කාරකත්වය බංග්ලාදේශයට හිමිව තිබෙනවා.
මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපතිවරයා ලෙස ජේ ෂා මහතා දෙවැනි වරටත් ඒකමතිකව තේරී පත්ව තිබෙනවා.
බාලිහි පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම අතරතුර අධ්‍යක්ෂවරුන් විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම පත් කිරීම සිදු කර ඇත.
ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය ව්‍යාප්තිය, වාණිජමය සංවර්ධනය සහ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව යළි ඇතුළත් වීමත් සමඟ ඇති වන නව අවස්ථා සාර්ථක කර ගැනීම සඳහා ඔහුගේ නායකත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම වැදගත් බව අධ්‍යක්ෂ මණ්ඩලය පෙන්වා දී තිබෙනවා.
නැවත පත්වීම පිළිබඳව අදහස් දක්වමින් සභාපති ජේ ෂා මහතා සඳහන් කළේ, ක්‍රිකට් ක්‍රීඩාව එහි ඉතිහාසයේ වඩාත්ම වැදගත් සහ උද්යෝගිමත් කාල පරිච්ඡේදයකට පිවිසෙමින් සිටින බවත්, ක්‍රීඩාවේ අනාගතය වඩාත් ශක්තිමත් කිරීමට සාමාජික රටවල් සමඟ එක්ව කටයුතු කරන බවත්ය.








Leave a Reply