පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා වූ යෝජනා ඇතුළත් කරමින් ඉදිරිපත් කරන ලද බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අය කර ගැනීමේ පනත් කෙටුම්පත ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මත වුණා.
ඒ ඊට අදාළ දෙවන වර කියවීමේ විවාදයෙන් පසුව කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
කාරක සභා අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පනතට සංශෝධන 07ක් ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අනුව එහි පළමු යෝජනාව වුයේ පරාටේ නීතිය ක්‍රියාත්මක වීම 2026 වසරේ දෙසැම්බර් 15 වනදා තෙක් අත්හිටුවිය යුතු යන්නයි.
කෙසේ වෙතත් අදාළ යෝජනාවට කාරක සභා අවස්ථාවේදී විපක්ෂ නායකවරයා විසින් ඉදිරිපත් කළද ඊට ආණ්ඩු පක්ෂය එකඟ නොවීමෙන් පැවැති ඡන්ද විමසීමේ දී එය පරාජයට පත් වුණා.
Leave a Reply