Loading...

දිස්ත්‍රික්ක 9ක වී මිලදී ගැනීම් අදින් ඇරඹේ

වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික්ක 9ක වී ගබඩා අද (15) සිට විවෘතව තැබීමට නියමිතයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ වී මිලදී ගැනීම සඳහා හම්බන්තොට, මොණරාගල, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල, වව්නියාව, කිලිනොච්චිය හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක 9 හි වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 12ක් විවෘතව තබන බවයි.

එම දිස්ත්‍රික්ක 9ට අයත් කච්චිගල් ආර, වීරවිල, දෙහිගහලන්ද, යෝධකන්ඩිය, අළුත්වැව, වීරගොඩ, සූරංගල්, මනල්පෙඩ්ඩි, නිකවැරටිය 02, කිලිනොච්චිය, පාර්ක් රෝඩ්, කිලිනොච්චිය ආර්ථික මධ්‍යස්ථානය හා නොච්චියාගම වී ගබඩා අද (15) සිට විවෘතව තැබෙනවා.

ඊට අමතරව සියළු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වී ගබඩා 100ක් ඕනෑම අවස්ථාවක වී මිලදී ගැනීම සඳහා සුදානම්ව තබන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබාදී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *