Loading...

බන්ධනාගාර සිද්ධිය ගැන විපක්ෂය කල් තැබීමේ විවාදයක් ඉල්ලයි

මීගමුව බන්ධනාගාරය තුළ හටගත් ගැටුම් පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හදිසි කල් තැබීමේ විවාදයක් ඉල්ලමින් කථානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපිය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, සුජීව සේනසිංහ, කින්ස් නෙල්සන්, රෝහිණි විජේරත්න සහ හෙක්ටර් අප්පුහාමි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

ජුලි මස 5 සහ 6 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් 26 දෙනෙක් ජිවිතක්ෂයට පත් වී 100කට අධික ප්‍රමාණයක් තුවාල ලබා තිබුණා.

විපක්ෂය විසින් කථානායකවරයා වෙත යොමු කළ ලිපියේ පෙන්වා දී ඇත්තේ එම මරණ සහ තුවාල පිළිබඳ සම්පූර්ණ වගකීම ආණ්ඩුව මත පැටවෙන බවයි.

මේ අනුව මෙම කැරුණේ ඇති බරපතළකම සහ හදිසි ස්වභාවය සලකා මෙලෙස හදිසි කල් තැබීමේ විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් ඉල්ලීම් කර තිබෙනවා.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට මේ වනවිට ආරක්ෂක නිලධාරීන්ට හැකිවී තිබුණ ද කාන්තා රැඳවියන් තවදුරටත් විරෝධතාවයේ නිරත වී සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *