නේපාලයේ රසුවා ප්‍රදේශයේ ඇති වූ විනාශකාරී හදිසි ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ විදේශිකයින් අතර කිසිදු ශ්‍රී ලාංකිකයෙකු නොමැති බව නේපාල සංචාරක මණ්ඩලය නිකුත් කළ නවතම වාර්තාව මගින් තහවුරු කර තිබෙනවා.
එම වාර්තාවේ දත්තවලට අනුව මේ වන විට රටවල් 32කට අයත් විදෙස් ජාතිකයින් 517 දෙනෙකු සහ නේපාල ජාතිකයින් 127 දෙනෙකු ඇතුළුව සමස්ත පුද්ගලයින් 644 දෙනෙකු අතුරුදන්ව ඇත. අතුරුදන් වූ විදෙස් ජාතිකයින් අතරින් වැඩිම පිරිසක් වන 178 දෙනෙකුම ඉන්දියානු ජාතිකයින් බව සඳහන් වනවා.
මීට අමතරව අමෙරිකානු ජාතිකයින් 65ක්, යුක්රේන ජාතිකයින් 53ක්, මැලේසියානු ජාතිකයින් 51ක්, ඕස්ට්‍රේලියානු ජාතිකයින් 35ක්, බ්‍රිතාන්‍ය ජාතිකයින් 33ක් සහ කැනේඩියානු ජාතිකයින් 25ක් ද මෙලෙස අතුරුදන් වූවන් අතර වේ.
එමෙන්ම සිංගප්පූරු ජාතිකයින් 9 දෙනෙකු, ජර්මානු සහ රුසියානු ජාතිකයින් 8 දෙනෙකු බැගින්, ලැට්වියානු සහ දකුණු අප්‍රිකානු ජාතිකයින් 6 දෙනෙකු බැගින්, ජපාන් සහ නවසීලන්ත ජාතිකයින් 5 දෙනෙකු බැගින්, ප්‍රංශ ජාතිකයින් 4 දෙනෙකු, බෙල්ජියම් සහ ස්පාඤ්ඤ ජාතිකයින් 3 දෙනෙකු බැගින් ද මෙලෙස අතුරුදන්ව සිටිනවා.
තවද ඉතාලිය, අයර්ලන්තය, කසකස්ථානය, නෙදර්ලන්තය සහ පෘතුගාලය යන රටවලින් පුද්ගලයින් දෙදෙනා බැගින් ද, බෙලරුස්, බල්ගේරියාව, ෆින්ලන්තය, හංගේරියාව, ඊශ්‍රායලය, ලිතුවේනියාව, පිලිපීනය, සර්බියාව, ස්වීඩනය සහ ස්විට්සර්ලන්තය යන රටවලින් එක් අයෙකු බැගින් ද අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.
ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් එක්ව අතුරුදන් වූ සියලු දෙනා සෙවීමේ මෙහෙයුම් සහ සහන සැලසීමේ කටයුතු මේ වන විටත් සක්‍රියව සිදු කරමින් පවතින බව නේපාල සංචාරක මණ්ඩලය වැඩිදුරටත් දක්වා තිබෙනවා.






Leave a Reply