Loading...

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය සහ ආගමික ලකුණු බෑ – මැතිවරණ කොමිසම

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු යොදා නොගන්නා මෙන් මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා.

එම කොමිසම පවසන්නේ ජාතික කොඩිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා භාවිතා කරන පාර්ශව සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.

මැතිවරණ කාර්යාල සකස් කිරීමට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛයේ ද මේ පිළිබඳව දැනුවත් කර තිබෙනවා.

ඊට අමතරව ප්‍රචාරක කටයුතු සඳහා ආගමික සංකේත භාවිත කිරීම ද තහනම් බවද මැතිවරණ කොමිසම වැඩිදුරටත් පවසනවා.

කෙසේ වෙතත් පසුගිය 17 වනදා අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ සිය මංගල ප්‍රචාරක රැළියට සහභාගීවන පුද්ගලයින්ට විශාල ප්‍රමාණයේ ජාතික කොඩි ලබා දීමට මැතිවරණ සංවිධායකවරුන් කටයුතු කර තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *