අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 116 කින් පරාජයට පත් වුණා.
මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ සිද්ධිය මුල් කරගනිමින් විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත පසුගිය ජූලි 21 වැනිදා භාරදී තිබුණා.
අදාළ යෝජනාව සම්බන්ධ විවාදය අද පෙරවරු 11.30 සිට පස්වරු 6.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවති අතර, ඉන් අනතුරුව ඡන්ද විමසීම සිදු කෙරුණා.
එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 36ක් හිමි වූ අතර, ඊට විරුද්ධව මන්ත්‍රීවරුන් 152 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළා.
ඒ අනුව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 116 කින් ප්‍රතික්ෂේප වුණා.








Leave a Reply