මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේදී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර තිබෙනවා.
එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (31) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, දැනට පවතින මිල ගණන් එලෙසම ක්‍රියාත්මක වන බවයි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414ක් ලෙසත්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 495ක් ලෙසත් නොවෙනස්ව පවතිනවා.
එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 382ක්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 478ක් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 285ක් ලෙස දැනට පවතින මිල ගණන්ම අගෝස්තු මාසය තුළද බලපැවැත්වෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා.







Leave a Reply