Loading...

ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිවරයා දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිවරයා ලෙස එරික් මේයර් මහතා නිල වශයෙන් දිවුරුම් දී තිබෙනවා.

වොෂින්ටන් නුවර පිහිටි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී පැවති උත්සවයකදී ඔහු මෙලෙස දිවුරුම් දුන් බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය තහවුරු කර ඇත.

අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ලැන්ඩා මහතාගේ ප්‍රධානත්වයෙන් දිවුරුම් දීමේ උත්සවය පවත්වා ඇති අතර, නව තානාපතිවරයාට දකුණු සහ මධ්‍ය ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයද සුබපැතුම් එක්කර තිබෙනවා.

දකුණු සහ මධ්‍ය ආසියානු කලාපය සම්බන්ධයෙන් පුළුල් අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියෙකු වන එරික් මේයර් මහතා, නව තනතුර භාර ගැනීමට පෙර එම කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම නව තානාපතිවරයාගේ ධුර කාලයේ ප්‍රධාන අරමුණක් වනු ඇති බව අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරනවා.

ආර්ථික සහයෝගීතාව, කලාපීය ආරක්ෂාව, යහපාලනය සහ සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර රැසක දෙරට අතර පවතින සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට අවධානය යොමු කෙරෙනු ඇති බවද එම කාර්යාලය පවසනවා.

නව තානාපතිවරයා ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව දෙරට අතර පවතින හවුල් අවශ්‍යතා සහ ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාම සඳහා ඔහු සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද අමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *