Loading...

මහමෝදර නමින් අලුත් බන්ධනාගාරයක් පිහිටුවයි

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට නියම කර තිබෙනවා.

අමාත්‍යවරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ බන්ධනාගාර ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

මෙම ගැසට් නිවේදනය අනුව “මහමෝදර” නමින් මෙම බන්ධනාගාරය පිහිටුවනු ඇති.

එහි බල ප්‍රදේශය සමස්ථ ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි නියමකර තිබෙනවා.

මේ අනුව වසාදැමුණු මහමෝදර රොහලේ කොටසක තාවකාලික පදනම මත මෙම බන්ධනාගාරය පවත්වාගෙන යෑමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *