Loading...

නව මැගසින් බන්ධනාගාරයේ කලහකාරී තත්ත්වය මැඩපවත්වයි

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ අද (07) ඇති වූ නොසන්සුන්තාව මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

සිද්ධියට මුල් වූ බවට සැක කෙරෙන රැඳවියන් 10 දෙනෙකු පමණ වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

බන්ධනාගාර තාප්පයට ඉහළින් ඇතුළට විසි කළ කුඩා පාර්සලයක් බන්ධනාගාර නිලධාරියෙකු භාරයට ගැනීමත් සමඟ රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව සිරමැදිරියක අගුළු කඩාගෙන රැඳවියන් 40කට අධික පිරිසක් පිටතට පැමිණ ඇති අතර, බන්ධනාගාර නිලධාරීන්, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව වහාම තත්ත්වය පාලනය කර ඔවුන් නැවත සිරකුටි වෙත යොමු කර තිබෙනවා.

සිද්ධියෙන් පසු බන්ධනාගාර පරිශ්‍රයේ සහ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ද යොදවා ඇති අතර, තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා ද භාවිත කර ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *