මීගමුව බන්ධනාගාරය ඇතුළත නැවත වරක් නොසන්සුන් වී තිබෙනවා.
අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් රැඳවියන් 8 දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ (05) ඇති වූ තත්ත්වයෙන් පසු අද (06) උදෑසන වන විට බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කර තිබුණ ද මේ වන විට නැවත එහි නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය වී ඇත.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (05) පස්වරු 1ට පමණ ගැටුමක් හටගෙන තිබුණා.
පොලීසිය පවසන්නේ රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් පිරිසක් සහ දඬුවම් ලබා බන්ධනාගාර ගත කර සිටින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇති බවයි.
ගැටුමෙන් රැඳවියන් 02 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 38 දෙනෙකු තුවාල ලබා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.





Leave a Reply