ගෑස් හිඟයට වහාම විසඳුම් දෙන ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ දිවයිනේ බොහෝ ප්රදේශවල ගෑස් හිඟයක් ඇති වී බවයි.
මෙයට කඩිනම් විසඳුමක් ලෙස හම්බන්තොට වරාය ආර්ථික කලාපයේ ඇති ගෑස් පර්යන්තයෙන් ගෑස් නිකුත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද මන්ත්රීවරයා මෙහිදී පැවසුවා.
ඒ මහතා පෙන්වා දෙන්නේ පසුගිය රජය විසින් නිසි වෙලාවට තීන්දු තීරණ නොගැනීම හේතුවෙන් ජනතාව අපහසුතාවයට පත් වූ බවයි.
හම්බන්තොට ඇති ගෑස් පර්යන්තයෙන් ගෑස් ප්රතිඅපනයනය කිරීම ක්රියාත්මක වුවත් මේ අවස්ථාවේ එම ප්රතිපත්තිය වෙනස් කර දේශීය වෙළඳපොලට ගෑස් නිකුත් කරන ලෙසද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.







Leave a Reply