Loading...

තාර හිඟය නිසා මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක් ඇනහිටී

තාර හිඟය හේතුවෙන් දිවයිනේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක් නතර කිරීමට සිදුව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට දැනුම් දී තිබෙනවා.

එහි නිලධාරීන් සඳහන් කර ඇත්තේ, මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉකුත් පෙබරවාරි මස අවසානයේ සිට මේ දක්වා මෙරටට ගෙන්වා ගැනීමට හැකි වී ඇත්තේ තාර රැගත් එක් නෞකාවක් පමණක් බවයි.

එම නෞකාව ද මෙරටට ළඟා වී ඇත්තේ දින කිහිපයක් පැවති යුද විරාම කාලසීමාව තුළ බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වයට ගැළපෙන තාර ආනයනය කරනු ලබන්නේ ඉරානයෙන් වන අතර, වත්මන් මැදපෙරදිග අර්බුදය හේතුවෙන් එම සැපයුමට බාධා එල්ල වී ඇති බව ද නිලධාරීන් සඳහන් කර ඇති බව සඳහන්.

මේ අතර, දිට්වා ආපදාවෙන් මාර්ග කොටස් 549කට හානි සිදුව ඇති බවත්, ඒවා ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 64.3ක මුදලක් වෙන් කර තිබුණද, තාර හිඟය හේතුවෙන් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී ඇති බවත් මුදල් කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *