Loading...

,

මහින්ද අද විජේරාමෙන් තංගල්ලට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) විජේරාම නිල නිවසෙන් ඉවත්ව තංගල්ලේ පිහිටි තම නිවස කරා යාමට නියමිතව තිබෙනවා.

ඔහු මෙලෙස එම පිටව යන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ඊයේ (10) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 150කින් සම්මත වූ පසුබිමකයි.

මෙම පනත් කෙටුම්පත හරහා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී තිබුණු නිල නිවාස ඇතුළු වරප්‍රසාද ප්‍රමාණයක් ඉවත් කිරීම සඳහා සකස් කර තිබුණා.

ඒ අනුව අද (11) පෙරවරුවේ මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිල නිවසේ දී විදේශ තානාපතිවරුන් කිහිපදෙනෙක් හමුවීමට නියමිත බවද සඳහන්.

ඉන්පසුව දහවල් 12.00 – 1.00 පමණ වන විට ඔහු විජේරාම නිල නිවසින් තංගල්ල බලා පිටත්ව යාමට නියමිත බවත් හිටපු ජනාධිපතිවරයා තංගල්ලට පැමිණෙන විට පිළිගැනීම සඳහා විශාල පිරිසක් එහි රැස්වීමට නියමිතව තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කළේ ඊට අදාළ කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *