2026 කාන්තා ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති තරගය කඩුලු 4කින් ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
මෙම අතිවිශිෂ්ට ජයග්රහණයත් සමග ශ්රී ලංකා කාන්තා පිල මෙවර ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට ද හැකි වුණා.
ඩුබායි අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසිය වාසිය දිනා ප්රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 114ක් රැස් කළා.
ඒ අනුව ලකුණු 115ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා ක්රීඩිකාවන් පන්දුවාර 19යි පන්දු 2ක් තුළ කඩුලු 6ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා.
ශ්රී ලංකා පිල වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ හර්ෂිතා සමරවික්රම නොදැවී ලකුණු 48ක් රැස්කරමින් කණ්ඩායම ජයග්රහණය කරා ගෙන යාමට සමත් වූවා.








Leave a Reply