Loading...

කංජිපානි ඉම්රාන්ගේ ඥාතියෙකු වෙඩි තබා ඝාතනය කරයි

මාළිගාවත්ත බී.සී.සී. පාලම ආසන්නයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් අද (10) එම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන්ගේ සමීපතම ඥාතියෙකු බවට තොරතුරු වාර්තා වනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *