ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට වේලාවෙන් අද (07) සවස 6ට පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි.
තම පක්ෂය ලැබූ මැතිවරණ පරාජයන් හි වගකීම තමා භාර ගන්නා බවද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.
අද (07) දවස පුරා ජපන් අග්‍රාමාත්‍යවරයාගේ මෙම තීන්දුව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබුණා.
ඔහුගේ මෙම තීරණය ලොව සිව්වන විශාලතම ආර්ථිකය හිමි ජපානය තුළ නව දේශපාලන අවිනිශ්චිතතාවක් ඇති කරනු ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
ඉෂිබාගේ ඉල්ලා අස්වීම ඉක්මන් වීමට ද එය ප්‍රධාන හේතුවක් වුණා.
කෙසේ වෙතත් ජීවන වියදම ඉහළ යෑම හේතුවෙන් සිය ඡන්දදායකයින්ගෙන් එල්ල වූ පීඩනය, අමෙරිකානු වෙළෙඳ ගිවිසුම වැනි හේතුද ඔහුගේ ඉල්ලා අස්වීමේ තීරණයට මුලික හේතු සාධක වී තිබුණා.







Leave a Reply