Loading...

LRT ව්‍යාපෘතිය අවලංගු කිරීමේ වන්දියට පොලීත් ගෙවන්නැයි ජපානයෙන් දැනුම් දීලා

ජපානයේ ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ සැහැල්ලු දුම්රිය (LRT) ව්‍යාපෘතිය අවලංගු කිරීම සම්බන්ධයෙන් ගෙවූ වන්දි මුදලට අමතරව, ප්‍රමාද වූ ගෙවීම් සඳහා පොලී මුදලක් ද ගෙවන ලෙස ජපානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

අමාත්‍යවරයා පැවසුවේ, ව්‍යාපෘතිය අවලංගු කිරීමෙන් පසු 2024 වසරේදී වාර තුනකින් ජපානයට වන්දි මුදල් ගෙවා අවසන් කළ බවයි.

එහෙත් එම මුදල් නියමිත කාලයට නොගෙවූ බව පවසමින්, ප්‍රමාදයට අදාළ පොලී මුදලක් ද ගෙවිය යුතු බවට ජපානය දැනුම් දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මේ වන විට කමිටුවක් පත් කර ඇති අතර, මෙතෙක් එම පොලී මුදල ගෙවා නොමැති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

LRT ව්‍යාපෘතිය 2020 වසරේදී අමාත්‍ය මණ්ඩල තීරණයක් මත අවලංගු කළ අතර, එය අධික පිරිවැයක් සහිත ව්‍යාපෘතියක් බවට එවකට ඉදිරිපත් වූ නිර්දේශ මත එම තීරණය ගෙන තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *