Loading...

පුනර්ජනනීය විදුලිය මිල තීරණයට මහජන අදහස් කැඳවීම අදින් අවසන්

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් ජනනය කරන විදුලිය මිලදී ගැනීමේ මිල තීරණය කිරීම සඳහා මහජන අදහස් ලබාගැනීමේ ක්‍රියාවලිය අද (22) අවසන් වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එහි අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ, ලැබෙන මහජන අදහස් සහ යෝජනා සැලකිල්ලට ගනිමින් ඉදිරි මාස හයක කාලය සඳහා අදාළ විදුලි මිල ගණන් තීරණය කිරීමට නියමිත බවයි.

ශ්‍රී ලංකා විදුලිබල ප්‍රතිසංස්කරණ පනතට අනුව, සූර්ය, සුළං සහ ජෛව ස්කන්ධ ඇතුළු පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් ජනනය කරන විදුලිය ලංකා විදුලිබල මණ්ඩලයේ අනුප්‍රාප්තික සමාගම් වෙත මිලදී ගැනීමේදී අදාළ මිල සහ මිල සූත්‍රය තීරණය කිරීමේ හා අනුමත කිරීමේ බලය මහජන උපයෝගීතා කොමිසම වෙත පැවරී තිබෙනවා.

ඒ අනුව, පුනර්ජනනීය විදුලිය මිලදී ගැනීම සඳහා අවශ්‍ය මිල සූත්‍ර මේ වනවිට සකස් කර අනුමත කර ඇති බවද ජයනාත් හේරත් මහතා ප්‍රකාශ කළා.

මේ අතර, එම මිල සූත්‍ර පදනම් කරගනිමින් විදුලි මිල ගණන් තීරණය කිරීම සඳහා මාස දෙකකට පමණ පෙර මහජන උපදේශන ක්‍රියාවලිය ආරම්භ කළ අතර, ඒ යටතේ විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා පවත්වා අවශ්‍ය දත්ත රැස්කරගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *