2008 වසරේ කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකුට සැඟව සිටීමට ආධාර හා අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇති හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළා.
මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව ඔහු අද අධිකරණය හමුවේ පෙනී සිටි අතර, ඉදිරිපත් කළ චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කළා.
ඒ අනුව, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළා.
අදාළ නඩුවේ වැඩිදුර විභාගය සඳහා එය ලබන දෙසැම්බර් 9 වැනිදා යළි කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.







Leave a Reply