Loading...

,

ට්‍රම්ප්ගේ තීරණය නිසා Jaguar Land Rover රථ අමෙරිකාවට අපනයනය කිරීම මසකට නවතී

Jaguar Land Rover මෝටර් රථ අමෙරිකාවට අපනයනය කිරීම මාසයක කාලයක් සඳහා අත්හිටුවීමට ටාටා සමාගම තීරණය කර තිබෙනවා.

ඔවුන් මෙම තීරණයට පැමිණ ඇත්තේ අමෙරිකානු පරිපාලනය විදෙස් රටවලින් ආනයනය කෙරෙන මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස්වලට 25%ක බදු පැනවීමට පියවර ගැනීම හේතුවෙන්.

මේ වන විට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෝලීය පැනවූ තීරුබදු සම්බන්ධව ලොව වැඩි අවධානයක් දිනාගෙන ඇති මාතෘකාවකි.

සිය බදු ප්‍රතිපත්තිය යටතේ විදෙස් රටවලින් ආනයනය කරන මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස්වලට 25%ක් බදු පැනවීමටත් ට්‍රම්ප් පියවර ගනු ලැබුවා.

අදාළ බදු ප්‍රතිපත්තිය මේ මස දෙවන වනදා බලාත්මක වුණා.

මෙවැනි පසුබිමක අමෙරිකාව වෙත බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ජගුවර් ලෑන්ඩ් රෝවර් රථ අපනයනය කිරීම අත්හිටුවීමට ටාටා සමගාම තීරණය කර තිබෙනවා.

යුරෝපානු සංගමයට පසුව බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කෙරෙන මෝටර් රථවල ප්‍රධාන ඉල්ලුම්කරුවා අමෙරිකාව ලෙස සැලකෙනවා.

මේ අනුව ට්‍රම්ප් පරිපාලනය මෝටර් රථ ආනයනය පිළිබඳව බදු පැනවීමෙන් බ්‍රිතාන්‍යයේ මෝටර් රථ නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ලවන අතර මෙම බදු පැනවීමට මුහුණ දීම පිළිබඳව තීරණයකට එළැඹෙන තුරු මාසයක කාලයක් සඳහා අමෙරිකාවට ජගුවර් ලෑන්ඩ් රෝවර් රථ අපනයනය කිරීම අත්හිටුව ඇති බව වාර්තා වනවා.

බ්‍රිතාන්‍ය මෝටර් රථ නිෂ්පාදනයේ වැඩි වශයෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ ජගුවර් ලෑන්ඩ් රෝවර් රථයි.

සුඛෝපභෝගී මෝටර් රථ සඳහා අමෙරිකානු වෙළෙඳපොල අත්‍යාවශ්‍ය වන අතර බ්‍රිතාන්‍ය වාර්ෂිකව රේන්ජ් රෝවර් ස්පෝර්ට්ස්, ඩිෆෙන්ඩර් ඇතුළු රථ ලක්ෂ 4කට අධික සංඛ්‍යාවක් අමෙරිකාවට අපනයනය කරනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *