සේවක අර්ථ සාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය 9% සිට 13% දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ යටියන්තොට – කන්දල්ඔය ප්‍රදේශයේ අද (28) පැවති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, “සේවක අර්ථසාධක අරමුදල අපේ රටේ තියෙන දැවැන්තම අරමුදල, ලක්ෂ 27ක් සාමාජිකයෝ ඉන්නවා. අපි සූදානම් 2023 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදල ආයෝජනය කරලා උපයාගත් මුදල්වලින් සියයට 9 ක් නොවෙයි සියයට 13ක් ගෙවන්න. 9 තමයි අපි අවම වශයෙන් දියයුතු මුදල හැටියට තිබුණේ. නමුත් සියයට 13ක් දෙන්න රජය දැන් කටයුතු කරගෙන යනවා. මේක රජයේත් ජයග්‍රහණයක්, ඊට එහා ගියාම මේක සාමාජිකයින් විසිහත් ලක්ෂයේම ජයග්‍රහණයක්. ඒ අරමුදල ආයෝජනය කරලා ලබාගත්ත ලාභයෙන් සැබෑ කොටසක් සාමාජිකයින්ට යනවා.”
Leave a Reply