Loading...

මැගසින් බන්ධනාගාර නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ රැඳවියෙකු ජීවිතක්ෂයට

කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඊයේ (06) රාත්‍රියේ හටගත් නොසන්සුන්කාරී සිද්ධියෙන් පසු රෝහල්ගත කර සිටි රැඳවියන් 11 දෙනාගෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා.

බන්ධනාගාරය තුළ ඇති වූ මෙම තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ රැඳවියන් පිරිස ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර තිබූ අතර, ඒ අතරින් එක් රැඳවියෙකුගේ තත්ත්වය බරපතළ වී ඇති බව වාර්තා වුණා.

පසුව එම රැඳවියා ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *