Loading...

මෛත්‍රීගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් අරඹන්න – ඇමති ටිරාන්ගෙන් පොලිස්පතිට නියෝග

පාස්කු ප්‍රහාරය සම්බන්ධව සති තුනකට පෙර ලැබුණු තොරතුරක් මත ඊයේ (23) තමා විසින් පාස්කු ප්‍රහාරය ගැන එවැනි ප්‍රකාශයක් සිදුකළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (23) තමාට එල්ලවන චෝදනා සම්බන්ධව ප්‍රතිචාර දක්වමින්.

“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මීට සති තුනකට පෙර මට ලැබුණු තොරතුරක් අනුව තමයි මම ඊයේ ඒ ප්‍රකාශය සිදුකළේ. අධිකරණයකින් මට නියෝගයක් ලැබුණොත් ඇවිල්ලා පෙනී සිටින්න කියලා. මම රහසිගත සාක්ෂියක් දීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

රහසිගතව ප්‍රකාශයක් දෙන්න වෙන හේතුවක් නිසා නෙමෙයි. විවෘත සාක්ෂියක් දුන්නොත් අධිකරණයේ… මම දන්නවා පැහැදිලිවම මගේ ජීවිතය සහ මගේ දරු පවුල් පවා විනාශ කරන්න පුළුවන්. එක නිසා මේක කිසිදුම දේශපාලන මතවාදී හෝ දේශපාලන වශයෙන් යම් යම් ප්‍රශ්න තියෙන ඒවාට ගැවුණ කාරණයක් නෙමෙයි. මම ඉතාම අවංකව සිදුකරන ප්‍රකාශයක්. “

මේ අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (22) සිදුකළ ප්‍රකාශය සම්බන්ධව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පතිවරයා වෙත මෙම නියෝගය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *