Loading...

ඉන්දීය විදේශ ඇමති මෙරටට පැමිණෙයි

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයිශංකර් මහතා අද (20) උදෑසන දිවයිනට පැමිණියා.

ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙරට සංචාරය දේශපාලනික වශයෙන් ඉතා වැදගත් සංචාරයක් වනු ඇති බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මෙරට සංචාරයට පෙර දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණ ඇති බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *