Loading...

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං එළැඹෙන සතියේදී ශ්‍රී ලංකාවට

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං මහතා ලබන සතියේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම සංචාරය සැප්තැම්බර් පළමු සතිය තුළ සිදුවනු ඇති බවයි. සංචාරයට අදාළ මූලික සාකච්ඡාවක් කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය අතර පසුගියදා පවත්වා ඇත.

මෙම සංචාරය අතරතුර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එහිදී ප්‍රධාන වශයෙන් දෙරට අතර ඒකාබද්ධ හමුදා මෙහෙයුම්, ආරක්ෂක අංශ පුහුණු වැඩසටහන්, කලාපීය ආරක්ෂක ගැටලු සහ සහයෝගීතාව සම්බන්ධව මෙහිදී අවධානය යොමුවීමට නියමිතයි.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං මහතා 2023 සැප්තැම්බර් මාසයේදී ද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබූ අතර, පසුව එම සංචාරය අවලංගු විය.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *