දිගු කාලයක් තිස්සේ ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා ඊයේ (05) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදී එම ඉල්ලීම ඉදිරිපත් කළ බවයි.
එමෙන්ම දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් සපුරාලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද ඉන්දීය පාර්ශ්වය මෙහිදී අවධාරණය කර තිබෙනවා.
ඊට අමතරව, දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ යථා තත්ත්වය ගොඩනැගීම, බලශක්ති සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම, දෙරට අතර වෙළෙඳ ගිවිසුම යාවත්කාලීන කිරීම, ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, කන්කසන්තුරේ වරාය නවීකරණය සහ ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතිය ඇතුළු ඉන්දීය සහාය ලබන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද සාකච්ඡා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
2017 සිට 2019 දක්වා කාලය තුළ පළාත් සභා නවයේම ධුර කාලය අවසන් වුවද, එතැන් සිට මේ දක්වා පළාත් සභා මැතිවරණය පවත්වා නොමැති බව ද එහිදී සිහිපත් කර තිබෙනවා.
මෙම නිල සංචාරය අතරතුර ඉන්දීය විදේශ ලේකම්වරයා ජනාධිපතිවරයාට අමතරව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අරුණි රනරාජා මහත්මිය සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.








Leave a Reply