පාකිස්ථාන PTI පක්ෂයේ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ වන බෂ්රා බිබිට බන්ධනාගාරයේ දී විෂ ශරීරගත වීමක් සිදුව ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙනවා.
එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ බුෂ්රා බිබිගේ පෞද්ගලික වෛද්‍යවරයෙකු ඒ සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා ඇති බවයි.
කෙසේ නමුත් ඇයට කිසිඳු විෂ ද්‍රව්‍යයක් ලබාදුන් බවට කිසිඳු සාක්ෂියක් හමු නොවූ බව එම වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
එම වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ ඇයගේ සෞඛ්‍ය තත්ත්වය මීට මාස 2ක සිට නරක අතට හැරී ඇති බවයි.
සෞඛ්‍ය ගැටළුවක් හේතුවෙන් ඇය අඩුවෙන් ආහාර ගෙන ඇති බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.
Leave a Reply