Loading...

පොලිස් නිලධාරීන්ට ඇප නැති වුණු හේතුව මෙන්න

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් පිළිබඳව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) තීන්දු කර තිබෙනවා.

මෙම නියෝගය ප්‍රකාශයට පත්කර ඇත්තේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසිනුයි.

මේ අනුව අදාළ සැකකරුවන් ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර තිබෙනවා.

නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් විසින් අල්ලස් වශයෙන් ලබාගත් බවට පැවසෙන මුදල ද අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මාර්ගගත මුදල් ගණුදෙනුවකට අදාළව සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා රුපියල් 154200ක අල්ලසක් ලබා ගත් බවට සැකපිට මෙම සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *