රත්නපුර අධ්‍යාපන කලාපයේ සියළු පාසල් හෙට (05) දිනයේ වසා තැබෙන බව සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා මේ බව දැනුම් දී තිබෙනවා.
ඊට අමතරව නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇළපාත, අයගම සහ කලවාන අධ්‍යාපන කොට්ඨාසවලට අයත් සියළුම පාසල් ද හෙට (05) දිනයේ වසා තැබීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
මේ අතර ගංවතුර තත්ත්වය පහව ගොස් ඇති ප්‍රදේශවල පාසල් විවෘත කරන ලෙස බස්නාහිර පළාතේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා විසින් මෙම උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
Leave a Reply