බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.
උන්වහන්සේ විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් පසුවයි අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කර ඇත්තේ.
කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉස්ලාම් ආගමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන් ආගමික සමගිය කඩකිරීමේ චෝදනා මත බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට බරපතළ වැඩසහිත වසර 4ක සිරදඬුවම් නියම කෙරුණා.








Leave a Reply