Loading...

,

ඥානසාර හිමිට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් අද (28) වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ දඩයක් නියම කර තිබෙනවා.

මෙහිදී එක් එක් චෝදනාවට වසර දෙක බැඟින් සිරදඬුවම් නියම වී ඇති අතර සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂයක දඩයක් ද ගෙවීමට නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

2016 වසරේ කොළඹ පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කුරගල විහාරස්ථානය සම්බන්ධව සිදුකළ ප්‍රකාශය මඟින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදු කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව විභාගය පැවැත්වුණා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවේ විභාග වූ මෙම නඩුවේ දී ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වැරදිකරු වී තිබෙනවා.

නීතිපතිවරයා විසින් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර කර තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *