Loading...

ගම්මන්පිල මහ බැංකුවේ තටු කපන්න යයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් 70%කින් වැඩි කර ගැනීම අහෝසි කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතාට ඊයේ (13) භාර දී තිබෙනවා.

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහා බැංකු පනත සංශෝධනය කිරීම සඳහා මෙම පනත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් 70% කින් වැඩි කර ගැනීම අහෝසි කිරීම සහ එම බැංකුවේ වැටුප් වැඩි කිරීමේදී මුදල් අමාත්‍යවරයාගේ එකඟතාව ලබා ගැනීම අනිවාර්ය කිරීම මෙම පනත් කෙටුම්පතේ මුලික අරමුණ වනවා.

සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතා කියා සිටින්නේ ජාතික වැදගත් කමක් සේ සලකා මෙම පනත් කෙටුම්පත නීතිපතිවරයාගේ මතය විමසීමට ඉදිරිපත් කරන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *