Loading...

හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට වසර 7ක බරපතළ වැඩසහිත සිරදඬුවම්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් ගොනුකර තිබූ දූෂණ චෝදනාවකට වරදකරු කෙරුණු හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට වසර 07ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (01) නියෝග කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා හමුවේ පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසුව අද (01) දින මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2014 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින පෙළපාළියට පැමිණි ආධාරකරුවන්ට ආහාර ලබාදීම සඳහා රාජ්‍ය සමාගමක් වන ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ ගිණුමෙන් මාරවිල පිහිටි පෞද්ගලික කේටරින් ආයතනයකට රුපියල් 3,30,000ක මුදලක් ගෙවීමට එම සමාගමේ විධායක නිලධාරියා පොළඹවා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනුකර තිබුණි.

දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව අදාළ චෝදනා සැකයෙන් තොරව තහවුරු වීම හේතුවෙන් විනිසුරුවරයා විසින් මෙම සිරදඬුවම නියම කරන ලදී.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *