ඉකුත් 2017 වසරේ පමණ වැඩ ආරම්භ කල වවුනියාව නිවාස ව්‍යාපෘතියක නිවාස 3200 ක පමණ ප්‍රමාණයක කටයුතු තවමත් අවසන් නොකිරීම හේතුවෙන් එම නිවාස අද වන විට වල් බිහිව විනාශ වෙමින් පවතී.
ඒ අනුව අදාල නිවාස ව්‍යාපෘතිය පිළිබද තොරතුරු දැනගැනීමේ පනත යටතේ අංක 27/01/07/0190 දරණ ලිපිය මගින් වවුනියාව නිවාස සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ අදාල නිවාස ව්‍යාපෘතිය ඉකුත් 2017 වසරේ සිට ආරම්භ කළ බවයි. අදාල ව්‍යාපෘතිය වසර තුනක් තුළ අධියර වශයෙන් ආරම්භ කළ බව එම ලිපිය මගින් වවුනියාව දිස්ත්‍රීක් ජාතික නිවාස සංවර්න අධිකාරිය පෙන්වා දෙයි. එහිදී ඉකුත් 2017 වසරේ මෙම ව්‍යාපෘතිය යටතේ ගම්මාන 17 ක නිවාස 1367 ක් 2018 වසරේ ගම්මාන 79 ක නිවාස 1533 ක් හා 2019 වසරේ ගම්මාන 69 ක නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරඇති බව පෙන්වා දෙන ලදි.
එහිදී අදාල නිවාස ඉදි කිරීම වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරිය මගින් අධියර වශයෙන් ප්‍රතිලාභීන්ට මුදල් ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කර තිබේ.
ඒ අනුව ඉකුත් 2017 වසරේ සිට 2019 වසර දක්වා කාළය තුළ ආරම්භ කරන ලද මෙම නිවාස ව්‍යාපෘතිය තුළින් නිවාස 4619 ක කටයුතු ආරම්භ කෙරුණද අද වන විට වසර හතරක් ගතව ඇතත් ඉන් වැඩ අවසන් කොට ඇත්තෙ නිවාස 1419 ක පමණි. අනෙක නිවාස 3200 කම කටයුතු අතරමග නවතා දමා ඇති අයුරු දක්නට ලැබේග එම නිවාස වලින් කොටසක් නිවාස ලබා ගත් ප්‍රතිලාභීන් තමන්ට හැකි අයුරින් ඉදි කොට ඒවායේ පදිංචියට ගොස් ඇතත් තවත් බහුතරයක් නිවාස ප්‍රතිලාභීන්ට හෝ ඒ වෙනුවෙන් මුදල් වැය කළ රජයට පලක් නොමැතිව වල් බිහිව ගරා වැටෙමින් තිබේ.
මෙම ව්‍යාපෘතිය සදහා එවකට රුපියල් මිලියන 2762.35 ක මුදලක් ඇත්තමේන්තු කොට ඇති අතර ඉන් ප්‍රතිලාභීන් අතරේ ලබා දී ඇත්තේ රුපියල් මිලියන 1369.21 ක මුදලකි. ඒ අනුව ඉතිරි මුදල තවමත් ප්‍රතිලාභීන් වෙත ලබා දී නොමැත.
කෙසේ වෙතත් ඉකුත් 2019 වසර් සිට අද වන විට මෙම නිවාස ව්‍යාපෘති වල් බිහිව පාළුවට ගොස් දිනෙන් දින විනාශ වෙමින් පවතින අයුරු නිරක්ෂණය කිරීමට හැකිව තිබේ.අදාල නිවාස වලින් බොහෝමයක් මේ වන විට විනාශ වෙමින් පවතින අතර වල් බිහිව ඇති මෙම නිවාස අද වන විට අපචාර සිදුවන මධ්‍යස්ථාන බවට පත්ව ඇති අයුරු දැකගත හැක. ඒ අනුව දැනට නාස්තිකාර ව්‍යාපෘතියක් බවට පත්ව ඇති මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී හෝ මහජනතාවන්ට ප්‍රයෝජනවත් ව්‍යාපෘතියක් බවට පත් වන තෙක් මහජනතාව බලා සිටි.
සටහන – ප්‍රසන්න ප්‍රදීප්
Leave a Reply