කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම උපරිම ධාරිතාවට ළඟාවීමත් සමඟ අද (09) පස්වරු 7.00 සිට වාන් දොරටු සුළු වශයෙන් විවෘත කර තිබෙනවා.
ශ්රී ලංකා මහවැලි අධිකාරියේ ප්රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශය (කොත්මලේ) සඳහන් කළේ, ඒ හරහා තත්පරයට ඝන මීටර් 20ක පමණ අතිරික්ත ජල ප්රමාණයක් කොත්මලා ඔයට මුදාහරින බවයි.
මෙම තත්ත්වය හේතුවෙන් ජලාශයෙන් පහළ ප්රදේශවල කොත්මලා ඔයේ සහ මහවැලි ගඟේ ජල මට්ටම සුළු වශයෙන් ඉහළ යා හැකි බවද එම අංශය පෙන්වා දෙනවා.
ඒ අනුව, කොත්මලා ඔය සහ මහවැලි ගඟ ආශ්රිත පහත්බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා.
එමෙන්ම, අදාළ ප්රදේශවල ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසද බලධාරීන් ඉල්ලා සිටිනවා.







Leave a Reply