Loading...

සංචාරකයින් සඳහා E VISA ක්‍රමවේදය අද සිට

සංචාරකයින් සඳහා අද (17) සිට E VISA ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා කියා සිටියේ මෙය ආරම්භයේ දී භාෂා පහකින් E VISA අයදුම් කිරීමේ හැකියාව පවතින බවයි.

“නව තාක්ෂණයෙන් වැඩි දියුණූ කරලා, ඊ වීසා ක්‍රමවේදය අද ඉඳලා ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ඕනෑම රටක ඉඳලා ලංකාවට පැමිණෙන සංචාරකයින්ට විතරක් නෙමෙයි. පළමුව සංචාරකයින්ගෙන් පටන් ගන්නවා. ඊට පස්සේ අපි සියලුම වීසා වර්ගවලට ඔන්ලයින් තාක්ෂණය පාවිච්චි කරලා අයදුම් කිරීමේ හැකියාව මේ මඟින් සැලසෙනවා. රටේ ජාතික ආරක්ෂාව ගැන සැලකීමේ දී වඩාත් වැඩි ලේඛන ප්‍රමාණයක් ගැනීම ආදිය සලකා බලලා අපි භාෂා 5කින් මේක පවත්වාගෙන යනවා.

දැනට අපි සංචාරක වීසා සඳහා පමණයි මේ ක්‍රමවේදය හඳුන්වා දෙන්නේ. ඉදිරි සති කිහිපය තුළ අධ්‍යාපනික, ව්‍යාපාරික ආදි සියලු වීසා කාණ්ඩවලට මෙය හඳුන්වා දෙනවා. රටේ ආරක්ෂක ක්‍රමවේදය අනුව ඉතා පහසුවෙන් රටට එන්න මෙයින් පහසුකම් ලැබෙනවා. මේ අතර නිත්‍ය පහසුකම් වීසා සඳහා අපි තොරතුරු ලබාගෙන තාක්ෂණයෙන් දියුණු ක්‍රම භාවිතයට ගැනීමට නියමිතව තිබෙනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *