Loading...

ශ්‍රී ලංකාවට එන මීළඟ අමෙරිකානු තානාපති පිළිගන්න එපා – ගම්මන්පිල රජයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිනිය ලෙස නම් කර ඇති එලිසබෙත් හොස්ට් මහත්මියගේ පත්වීම පිළිනොගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා රජයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අමෙරිකාවේ විදේශ කටයුතු පිළිබඳ සෙනට් කාරක සභාවේ සභිකයින් එළිසබෙත් හොස්ට් මහත්මියට යොමුකළ ප්‍රශ්ණවලට ඇය ලබාදුන් පිළිතුරු ලබාදුන් ආකාරය රටට අහිතකර තත්ත්වයක් නිර්මාණය කර ඇති බවයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යාම, මෙරට විදේශ ප්‍රතිපත්තිය, විදෙස් නෞකා හා වරායන් සම්බන්ධ කරුණු ඇතුළු රජය සමග නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වු අදහස් රැසක් එළිසබෙත් හොස්ට් මහත්මිය සෙනට් කාරක සභාව ඉදිරියේ ප්‍රකාශ කර තිබෙනවා.

සෙනට් කාරක සභාවේ විසින් සිදුකළ විමසීම් හමුවේ ඇය ලබාදුන් ප්‍රකාශ මේ වන විට අන්තර්ජාලයට යොමු කර ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *