විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පැවසුවේ සිය වැටුප් ගැටළුව සම්බන්ධව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවධානය යොමු කරන බවයි.
තම වැටුප් ගැටලුවට නිසි විසඳුම් ලබාදීමට බලධාරීන් තවමත් කටයුතු කර නොමැති බැවින් 48 වන දිනට සිය වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි එහි සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේ.
කෙසේ වෙතත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ද අදාළ ගැටලුවට නිසි විසඳුම් ලබා නොදුනහොත් අඛණ්ඩව වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවද ඔහු කියා සිටියා.
Leave a Reply