මෙරට සංචාරක කර්මාන්තයෙන් උපයා ගන්නා ලද ආදායම පසුගිය වසරේ මුල් මාස 07ට සාපේක්ෂව යම් අඩුවීමක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
මහ බැංකු වාර්තාවලට අනුව මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා වූ ගතවූ මාස 07 තුළ සංචාරක ආදායම ලෙස වාර්තා වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 1,796.7ක්.
පසුගිය වසරේ අදාළ කාල සීමාව තුළ සංචාරක ආදායමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2,031.1ක් උපයා ගෙන තිබුණා.
ඒ අනුව, පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව මෙම වසරේ ගතවූ මුල් මාස 07 තුළ සංචාරක ආදායම 11.5%කින් පහළ යාමක් පෙන්නුම් කර ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.
එමෙන්ම පසුගිය වසරේ ජූනි මාසයේදී සංචාරක ආදායමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 318.5ක් උපයාගෙන තිබූ අතර, මෙම වසරේ ජූනි මාසයේදී එය අමෙරිකානු ඩොලර් මිලියන 285.5ක් දක්වා අඩු වී තිබෙනවා.
මේ අතර, මෙම වසරේ ගතවූ මාස 07ක කාලය තුළ විදෙස් ප්‍රේෂණ හරහා මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 8,382.4ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක්.
එය පසුගිය වසරේ අදාළ කාල සීමාව හා සැසඳීමේදී කැපී පෙනෙන වර්ධනයක් වන අතර, පසුගිය වසරේ එම කාලය තුළ විදෙස් ප්‍රේෂණ ලෙස වාර්තා කර තිබුණේ අමෙරිකානු ඩොලර් මිලියන 4,435.2ක් පමණයි.
එමෙන්ම පසුගිය වසරේ ජූලි මාසයේදී විදෙස් ප්‍රේෂණ ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 697.3ක් ලැබී තිබූ නමුත්, මෙම වසරේ ජූලි මාසයේදී එම අගය අමෙරිකානු ඩොලර් මිලියන 777.6ක් දක්වා වර්ධනය වී ඇති බව මහ බැංකු වාර්තාවල වැඩිදුරටත් සඳහන් වනවා.







Leave a Reply