Loading...

පෙරහැරේ රාජකාරි කළ පොලිසියට බැනවැදුණු අයෙක් අත්අඩංගුවට

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසකට පරුෂ වචනයෙන් බැනවැදී, රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (23) පෙරවරුවේ මාළිගා භූමියට ඇතුළුවන ප්‍රධාන පිවිසුම ඉදිරිපිටදී මොහු මෙලෙස කලහාකාරී ලෙස හැසිරෙමින් රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැනවැදී ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *